Ticker

6/recent/ticker-posts

දරුවන් ගැන ඇහෙන භයානක ආරංචියක් - හැදුනොත් සුව කරන්න බෑ

 


ජාත්‍යන්තර ළමා පිළිකා දිනය ඊයේ (15) දිනට යෙදී තිබුණි. ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් පමණ මියයන බවට අනාවරණය වී තිබේ.

මෙවර ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේ තේමාව වූයේ "ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු" යන්න වන අතර ලෝක ඒකත්වයේ බලපෑම සහ ළමුන් සියල්ලන්ට සමාන පිළිකා සත්කාර ලබාදීම සඳහා ඉදිරියට ගමන් කිරීමේ සාර්ථකත්වයන් මෙමගින් අවධාරණය කෙරේ.

එමෙන්ම මෙරට දිනක් තුළ පිළිකා ආසාදිතයින් 40 දෙනෙකු පමණ මියයන බව ලෝක සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ අතර, සෑම පැය 24ක් ඇතුළත මෙරටින් පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනා ගැනෙන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

ගෝලීය දත්ත විශ්ලේෂණයට අනුව වසරකට හදුනාගනු ලබන නව ළමා පිළිකා රෝගීන් ගණන ලක්ෂ 4ක් පමණ ව. වාර්ෂිකව ලෝකයේ පිළිකා රෝගයෙන් ළමුන් 91,250ක් පමණ මි#යන අතර සෑම දිනයකටම ළමා පිළිකා රෝගීන් 250ක් පමණ මි#යනු ලබයි.


ගෙවීගිය දත්ත අනුව ක්‍රමිකව අවුරුදු 18ට අඩු ළමුන් පිළිකා සඳහා ගොදුරු වීම වර්ධනය වී ඇති බව සඳහන්. ලෝකයේ පිළිකා පර්යේෂණ ආයතනයන්ට අනුව 2022දී ලෝකයේ නව පිළිකා රෝගීන් මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් හදුනාගෙන තිබේ.

මේ අතර, ගෝලීය වශයෙන් 2022දී පිළිකා සම්බන්ධ ම#ණ මිලියන 13ක් පමණ සිදුව ඇති බව සඳහන් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවන පරිදි 2030වනවිට වසරකට වාර්තාවන නව පිළිකා රෝගීන් ගණන මිලියන 22-27ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ යා හැකි බව පුරෝකතනය කර තිබේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments