Ticker

6/recent/ticker-posts

උපන්දින සාදයක ඇති වුණු ගැටුමක් ගිය දුර.. ප්‍රදේශයක් කම්පා කරමින් තරුණයා ගැන ඇසෙන ඇඟ සලිතවන කතාව මෙන්න..

 


මේ කියන්න යන්නේ ඒ සිදුවීම ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්.


ඔහුගේ ජීවිතය මෙලෙස අකාලයේ මිලින වෙන්නේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයකයි. 


කළුතර උතුර වාඩියමංකඩ ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිටදී 32 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝා##නය කිරීම වස්කඩුවේ සහ පොතුපිටියේ දෙපිරිසක් අතර උපන් දින උත්සවයකදී ඇතිවූ ගැටුමක් මුල්කරගෙන පැවැති ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

"ඩුබායි ප්‍රවීන්" නමැති අපරාධකරුගේ සොහොයුරා වන "පුපුවා" නමැත්තාට පහරදීම නිසා ඊට එකට එක කිරීමක් ලෙස මෙම තරුණයා ඝා##නය කර ඇති බව ද මේ වනවිට හෙළිදරව් වී ඇති අතර, විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඩුබායි ප්‍රවීන්ගේ සොහොයුරා වන "පුපුවා" නමැත්තා සහ ශිරෝන් නමැති අයකු මීට ටික දිනකට උඩදී පොතුපිටිය ප්‍රදේශයේ උපන් දින උත්සවයකට සහභාගි වී තිබුණා.

එහිදී පුපුවා සහ ශිරෝන් අතර ආරවුලක් ඇතිවී ඇති අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබුණා.

එම ගැටුමින් පසු වෙනත් දිනකදී ශිරෝන් නමැත්තා, රතුවා සහ කළුතරදී 14 වැනිදා ඝා##නයට ලක්වූ 32 හැවිරිදි තරුණයා පුපුවාගේ නිවසට ගොස් ඇත්තේ මන්නා පිහි ද රැගෙන ය. එහෙත් ඒ මොහොතේ පුපුවා නිවසේ සිට නැහැ.

මෙම සිද්ධිය මුල් කරගෙන ඇතිවූ ආරවුල දුරදිග යෑමෙන් පසු ඩුබායි ප්‍රවීන්ගේ පාර්ශ්වය විසින් මෙම 32 හැවිරිදි තරුණයා ඝා##නය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කෙරෙනවා.

ඉකුත් 14 වැනිදා රාත්‍රි 8.00ට පමණ කළුතර උතුර වාඩියමංකඩ ප්‍රදේශයට යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල කුලී ඝා##කයන් දෙදෙනකු පිස්තෝල අ#යක් යොදාගෙන 32 හැවිරිදි තරුණයාට වෙඩි තබා ඝා##නය කර පලා ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments