Ticker

6/recent/ticker-posts

රහස් ප්‍රදේශයේ විවිධ ආසාදන ඇතිකරන පෑන්ටිය ගැන දැනුවත් වෙන්න

 


අපි යට ඇදුම් අදිනවානේ ලස්සනටයි ආරක්ෂාවටයි නේද ? හැබැයි… අපි යටට අදින කලිසම නිසාම නොදැනුවත්වම ආසාත්මිකතා වලට අපි ලක්වෙනවා. විශේෂයෙන්ම නයිලෝන් වලින් මසපු යට කලිසම් කොහෙත්ම අපට සුදුසු නෑ. සම්පුර්ණ ලිපිය කියවන්න…

අප වැඩිය කතා නොකරන මාතෘකාවක් වුවත් මේ ගැන කතා කරන්නට සිතුවෙ අද කාලේ නොයෙකුත් විලාසිතාවේ නොයෙකුත් මාදිලියේ් යට ඇඳුම් විශේෂයෙන්ම පෑන්ටි නිසා  කාන්තාවන් මුහුණපාන ගැටලු දෙස අවදානය යොමුකරලයි.

අප බොබෙහීවිට ඇඳුම් මිලදී ගන්නා විට එහි ලස්සන පෙනුම ගැන විලාසිතාව ගැන සිතනවා. නමුත් යට ඇඳුම් පෑන්ටි වැනි දෑ මිලදී ගන්නා විට එම තත්ත්වය වෙනස් විය යුතුයි. මෙහිදී එහි ලස්සනට වඩා වැදගත් වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතද යන්නයි. නමුත් අද වැඩි දෙනෙක් පෑන්ටි මිලදී ගන්නා විට එහි සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සිතන්නේ නෑ. වැඩියෙන්ම ඔවුන්ගේ ඇස ගැටෙන්නේ එහි ලස්සන නිමාවටයි. විවිධ ආකාරයෙන් අලංකාර කර ඇති විවිධ නයිලෝන් රේන්ද ලේස් ආදියෙන් හැඩකර ඇති එමෙන්ම විවිධ වු නයිලෝන් රෙදි සිල්ක් රෙදිවලින් නිමකර තිබෙන යට කලිසම් අද වෙළෙඳ පොලේ බහුලයි.

මේවාට යොදාගෙන ඇති ඇතැම් රෙදි වර්ග බොහෝවිට සමට ආසාත්මිකතා දක්වන අතර මේ නිසා ඉකිළි ආශි‍්‍රතව ඇතිවන කැසීම් නිසා තුවාල පවා ඇතිවෙයි.

එමෙන්ම එවන් යට ඇඳුම්වල ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන තුවාල ආදියෙන් ඇතුළුවන විසබීජ විවිධ ආසාදන තත්ත්වයන්ට මුලික වෙයි. නයිලෝන් යට කලිසම් දහදිය උරාගැනීමේ හැකියාවෙන් තොර නිසා බොහෝවිට දහදිය සමඟ ගැටිමෙන් කැසීම් බිබිලි දැමිම් වැනි දෑ සිදුවෙයි.

එමනිසා මෙහිදී වෛද්‍යවරුන් පවා බොහෝවිට උපදෙස් දෙනු ලබන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැති මෙවැනි පෑන්ටි ඇදීමෙන් වළකින ලෙසයි. නමුත් මේවා මිලදී ගන්නා විට වැඩිදෙනෙක් එය නොතකා කටයුතුª කරයි.

ඇතැම් යට කලිසම්වල ඝන වාටි යොදා ඇති අතර තදට ඉලාස්ටික් යොදා ඇති ඒවාද දැකිය හැකියි. මේවාද බොහෝවිට අසාත්මිකතා ඇතිවීමට හේතුවකි. මෙවැනි පෑන්ටි තදට ඇදීමෙන් ඉකිළි කැපීම ආදී විවිධ අපහසුතා ඇතිවේ.

විශේෂයෙන්ම යටකලිසම් තෝරාගන්නා විට එය කොතෙක් දුරට සිරුරට පහසුද සිරුරට හිතකරද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.

වඩාත් සුදුසු වන්නේ කපු රෙද්දෙන් නිම වු යටකලිසම්ය. කපු රෙද්දට පහසුවෙන් දහදිය උරා ගනියි. එය සමට අහිතකර නොවන අතර සිරුරට සුව පහසුව ගෙන එයි. බොහෝවිට යටකලිසම් වැනි දැ මිලදී ගන්නවාට වඩා කපු රෙද්දෙන් ගෙදරදීම තමන්ට නිමවා ගත හැකි නම් එය වඩාත් ආරක්ෂිත වෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට තෝරා ගන්නා යට කලිසම් ගැනද අවධානය යොමු වීම වැදගත්.

සාප්පුවල ඇති පෑන්ටි මිලදී ගත්විට ඒවා භාවිතයට පෙර සෝදා තද අව්වේ දමා වියළා ගන්න. නැත්නම් විසබීජ නාශක දියරයක බහා සෝදා වියළා ගන්න. හේතුව මෙය බොහෝවිට සාප්පුවල අසුරා කිබියදී දූවිලි වැදීම අතින් ඇල්ලීම ආදිය නිසා එහි විසබීජ රැදී තිබිය හැකි නිසයි.

ඒවා පිරිසුදු නොකර ඇඳීමෙන් විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකියි. නමුත් සමහරුන් එවන් දේ මිලයට ගෙනා අලුතම නොසෝදා නිසිලෙස පිරිසුදු නොකොට පාවිච්චි කිරීමට පෙළඹෙති. මෙය තමන් විසින්ම විසබීජ ළඟාකර ගැනිමකි.

බොහෝවිට කාන්තාවන්ට මුත්‍රා ආසාදන සහ රහස් ප්‍රදේශශයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීමට බලපාන්නේ ඒ ආශ්‍රිතව අඳින ඇගළුම්වල අපිරිසුදුකමයි. මෙම අපිරිසුදුතාවට බොහෝවිට හේතුව යට ඇඳුම්වල විසබීජ පැවතීමයි.

මේ නිසා යට කලිසම් නොහොත් පෑන්ටි භාවිතයේදි එහි පිරිසුදුකම ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු අතර දිනපතාම පාහේ යට කලිසම් සෝදා පිරිසුදුව පරිහරණය කිරීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි. යට කලිසමක ලස්සනට වඩා වැදගත් වන්නේ එහි සෞඛ්‍ය ආරක්ෂිත බවයි.

  • සටහන|  උපේක්ෂා සමරසිංහ

✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments