Ticker

6/recent/ticker-posts

ගෑනි මහා හයියෙන් මගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා, අනියම් පෙමක අවසානයේ සිදුවූ ඛේදාන්තය..

 


ජීවිතේ කවදාවත් මස් මාළුවක් කටේ නොතියපු, ජරාවකට අත නොතියපු මනුස්සයෙක් මිනීමරුවෙක් වෙන්න පුළුවන්ද? ඔව්, පුළුවන්.


මේ කියන්න යන්නේ හපුතලේ පැත්තෙන් ඇහෙන, හදවත හිරිවැටෙන අතිශය සත්‍ය කතාවක්.

මේක කියවන්නේ නරක දේට ආදර්ශ ගන්න නෙවෙයි, "අනියම් සැප" පිටුපස එන මාරයා ගැන දෙපාරක් හිතන්නයි.

"සර්... මම මිනී##වෙක් තමා. ඒත් මාව ඒ තැනට දැම්මේ මගේ ගෑනි. මම කොළඹ වැඩ කළේ සතියකට දෙකකට සැරයක් ගෙදර එද්දී ඒකි ආස හැමදේම මම අරන් ආවා. මට බැරිවුණේ එකම එක දෙයයි. ඒකි එක්ක හැමදාම ඉන්න. වැඩ ඇරිලා මහන්සියට මම සමහර දවස්වල ඒකිව මඟ ඇරියා. ඒත් මම හිතුවේ නෑ ඒකි මෙහෙම දෙයක් කරයි කියලා."

ගමේ මිනිස්සු එක එක කතා කියද්දී මේ තරුණයා ඒවා විශ්වාස කළේ නැහැ. තමන්ගේ බිරිඳ පත්තිනි අම්මා කෙනෙක් වගේ කියලා ඔහු හැමෝටම කිව්වා.

ඒත් තමන්ට වඩා බාල ත්‍රීවීල් කාරයෙක් එක්ක ඇය රවුම් ගහන බවට ලැබුණු තොරතුරු ඔහුට ඉවසා සිටින්න බැරි වුණා.

එදා ඔහු ගෙදරට ආවේ කාටවත් නොකියාමයි. තමන්ගේ දෑසින්ම ඇත්ත දැකගන්න ඔහුට වුවමනා වුණා.

''...සර්, මම දකිද්දීම ඒ කාලකණ්ණියා මගේ ගෑනිව අතෑරලා සරම පවා දාලා පණ එපා කියලා දිව්වා. ඒත් ඒකි... ඒකි මහා හයියෙන් විලාප තියන්න ගත්තා, 'රත්තරනේ මට සමාවියන්' කියලා මගේ කකුල් දෙක ළඟ වැටිලා. ඒත් සර්, එතකොට මගේ ඇස් දෙකට ලේ රහ වෙලා තිබුණේ...”

"ඒකි අඬ අඬා සමාව ඉල්ලුවා සර්. ඒත් මට අනුකම්පාවක් ආවේ නෑ. මට පෙනුණේ මම ඒකිට කරපු ආදරේට ඒකි කරපු ද්‍රෝහිකම විතරයි. අතට අහුවුණු පොරවෙන් මම ඒකිගේ ඔලුව කෑලි කළා සර්. අන්තිමට ඒකිගේ විලාපය නැවතුණා.

අද ඒ තරුණයා මිනී##වෙක් විදියට හිරේ විලංගුවේ. අනියම් පෙමක රහ බැලූ බිරිඳ අද මහ පොළොව යට. පවුලක් විනාශ වෙන්න ගතවන්නේ තත්පර කිහිපයක ක්ෂණික කෝපයක් විතරයි.

අනියම් සැප කියන්නේ මර උගුලක්. ඒක තේරුම් ගනිද්දී ඔබ ප්‍රමාද වැඩියි."


✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments