කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ඊයේ (6) පැවති වැඩසටහනක දී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අදහස් කිහිපයක් ප්‍රකාශ කර ඇත.
එහිදී ඇය පවසා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් වැඩිවී ඇති බවත්, එවැනි තත්ත්වයන්ට මුහුණදෙන අයට රැකවරණය ලබාදීමට නිසි ස්ථානයක් නොමැති බවත්ය.
එමෙන්ම බදුල්ලේ නව ප්‍රවණතාවය ලෙස සයිබර් හිංසනය ඉහළ ගොස් ඇති බවත් නූගත්බාවය හා බීමත්කම මතදෙමව්පියන් විසින් දරුවන්ට පහරදීම් වැඩිම සිදුවන්නේ බදුල්ලේ බවත් ඇය පවසා ඇත. කෙසේ නමුත් ලංකාවේ වැඩිම ළමා අපරාධ සිදුවෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයෙන් බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments