Ticker

6/recent/ticker-posts

මහ මග දරුණු වළියක් -ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි



 ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගය ධාවනය කරන පෞද්ගලික බස් රථයක රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් පහරදී ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය අද (07) පෙරවරුවේ, ඩයගම සිට පෙරවරු 6:30ට ගමන් ආරම්භ කළ ලංගම බස් රථය හැටන් දක්වා යද්දී සිදුවී ඇති අතර, පෞද්ගලික බස් රථයේ රියදුරා ලංගම බස් රථය හරස් කර, රියදුරු අසුනේ දොර විවෘත කර පහර දුන් බව වාර්තා වේ.

පහරදීම සිදු වූ විට බස් රථයේ පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් සිට ඇත.

මෙම පහරදීම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිතුක් කර ඇති බව ධාවන කලමණාකාරවරයා කියා සිටියේය.

පහර දීම සම්බන්ධයෙන් ලිදුල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කරන බව ධාවන කළමණාකාරවරයා වැඩිදුරටත් පැවසීය.  


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments