මුළු රටම කම්පනයට පත් කළ අකුරේගොඩ නීතිඥ යුවළගේ ඝා##න සිද්ධිය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තොරතුරු රැසක් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝා##ය කිරීමට සහාය දුන් බවට සැකකෙරෙන, වයස අවුරුදු 20 සහ 24 පසුවන සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම අහිංසක යුවළ ඝා##ය කිරීමට යොදාගත් ගිනිඅවි දෙක අදාළ ඝාතකයන් වෙත ලබාදී ඇත්තේ අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා විසින් බවයි.
ඔවුන් එම ගිනිඅවි ඉතා රහසිගතව ප්‍රවාහනය කර ඝා##යන් අතට පත් කර ඇති බවටයි පොලිසිය දැන් සැක කරන්නේ.
මෙම ම්ලේච්ඡ අ##රාධය සිදු කිරීම සඳහා සැකකරුවන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය ද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.
කොට්ටාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස සහ වාහනය කොටු කරගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.
නීතිඥ යුවළ ඝා##නය කිරීම පිටුපස සිටින සැබෑ මහමොළකරු කවුද සහ මේ තරුණ සහෝදරයන් මෙම අපරාධයට සම්බන්ධ වූයේ මුදලට ද නැතිනම් වෙනත් හේතුවක් මතද යන්න සොයා බැලීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments