Ticker

6/recent/ticker-posts

සරසවියේ චන්ඩි සිසුන් 21 දෙනාට අත්වූ ඉරණම.!


 අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනා අද (21) දින මාතර ප්‍රධාන ම⁣හෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක අද නියෝග කර ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයට අයත් කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ (20) දින දහවල් කාලයේ ගැටුමක් හටගෙන තිබුණේය.

එම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ගැටුමට අදාළව කඹුරුපිටිය පොලීසිය විසින් සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments