Ticker

6/recent/ticker-posts

ආදායම් බලපත්‍ර නැති වාහනවලට මෙන්න සුබ ආරංචියක්


 ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක ​නොවීම නිසා බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.

රජයේ සේවාවන් රැසක්ම මෙම පද්ධතිය ඔස්සේ සිදුවන අතර එම පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්ව බිඳ වැටීමට ලක්වූයේ ඉකුත් 10 වනදායි.

මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවරුන් දින හතක් තිස්සේම මෙම පද්ධතිය යථාවත් කිරීමට උත්සහා දැරුවත් ඊයේ වනතුරුම අඳාළ උත්සහායන් අසාර්ථක වූ බව සඳහන්.



✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments