Ticker

6/recent/ticker-posts

බස් රථයෙන් අමුතුම ගේමක් ගහපු රියදුරා අත්අඩංගුවට


 අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබී හෙරොයින් සහ අයිස් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්පාර මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයේ රියදුරු සහ ඔහු සමග පැමිණි තවත් පුද්ගලයෙක් බව සඳහන් වේ.

අම්පාර පොලීසියට ලැබුණ තොරතුරක් මත අද උදැසන මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය සැකපල කරන්නේ කලක සිට අදාළ බස් රථයෙන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නට ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments