මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ 40% කොටස් හිමිකාරීත්වයක් ඊයේ (17) දින අත්පත් කරගෙන තිබේ.
1943 වසරේදී මාතර ප්‍රදේශයේ තරුණ ව්‍යවසායකයෙකු වූ සී.ඒ හරිස්චන්ද්‍ර මහතා විසින් ආරම්භ කළ මෙරට ප්‍රකට දේශීය ව්‍යාපාරයක් වන හරිස්චන්ද්‍ර ව්‍යාපාරය වර්තමානය වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමකි.
මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර,
ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට අයත් සෙන්තිල්වෙල් හෝල්ඩින්ග්ස් (Senthilverl Holdings (PVT) Ltd) සමාගම සතුව තිබූ කොටස් 778,946ක් මිලදී ගෙන ඇත.
වෙළෙඳපොළ ආරංචි මාර්ගවලට අනුව එක් කොටසක් රුපියල් 3,300.00ක මිලකට අලෙවි වී තිබේ.
මෙය ධම්මික පෙරේරා මහතා විසින් 2025 වර්ෂය තුළ සිදුකළ සිව්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික අත්පත් කර ගැනීම වීම විශේෂත්වයකි.
මීට පෙර, පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුගේ වැලිබල් වන් සහ එල්බී ෆිනෑන්ස් යන සමාගම් මගින් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (Associated Motor Finance Company PLC) හි බහුතර කොටස් හිමිකාරීත්වය මිලදී ගන්නා ලදී.
✅✅✅

0 Comments