රංගන ශිල්පිනී ශ්‍රීමාලී ෆොන්සේකාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්ණ කර තිබේ.
දැනට රැඳවම් නියෝග මත ප්‍රශ්න කෙරෙන කෙහෙල් බද්දර පත්මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
කෙසේ වෙතත් එම ඡායාරූපය ගන්නා අවස්ථාවේදී අදාළ පාතාල නායකයා පිළිබඳව තමන් දැන සිටියේ නැති බව ශ්‍රීමාලී ෆොන්සේකා පැවසුවාය.
ඇය පැහැදිලි කළේ එම ස්ථානයේ සිටි පිරිස අතර බොහෝ පිරිස් තමන් සමඟ ඡායාරූප ගත් බවත් අදාළ ඡායාරූපයද ඒ අතරේ තිබූ බවත්ය.
ඇය වැඩිදුරටත් පැහැදිලි කළේ අදාළ ඡායාරූපය අවුරුදු උත්සවයකට ගිය අවස්ථාවකදී ලබා ගත් එකක් බව සහ අවුරුදු උත්සවයට බොහෝ පිරිස් සම්බන්ධ වූ බවත් එවන් අවස්ථාවක ගන්නා ලද එම ඡායාරූපය තමා සතුවද ඇති බවත්ය.
✅✅✅✅✅✅
