Ticker

6/recent/ticker-posts

පොලීසිය තුලටම පැමිණ සුදු මල් මාල පළඳවා ලොකු සද්දයක් දාලා


 මේ වනවිට මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තබා තිබූ ඇයගේ ඡායාරූපයට සුදු මල් මාලයක් පැලඳීමක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය අරඹා ඇත.

ස්ථානාදිපතිවරිය මේ දිනවල අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.

වරුණි බෝගහවත්ත මහත්මිය විසින් සිදුකරනු ලබන රාජකාරීමය කටයුතු අතරතුර මෙවැනි තර්ජනයක් එල්ල වීම පිළිබඳව පොලීසිය දැඩි අවධානය යොමුකරමින් පරීක්ෂණ පවත්වන බව ද වාර්තා වේ.



✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments