Ticker

6/recent/ticker-posts

පාසල් වලට ළමුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්


 ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම සිසුන්ගේ වයස, සාධන මට්ටම සහ භාෂා හැකියාව රජයේ පාසල්වල ඉගෙනුම ලැබීමට ප්‍රමාණවත් ද යන්න තහවුරු කර ගැනීමේ වගකීම අයැදුම් කරන පාසල අයත් කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පවරනු ලබයි.


එලෙස තහවුරු කර ගැනීමෙන් පසු ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ලකුණු අනුව සිසුන් ඇතුළත් කිරීමෙන් පසු තවදුරටත් පුරප්පාඩු පවතී නම් එවැනි පාසල් සඳහා ඇතුළත් වීමට අවස්ථාව සලසා දිය හැකි බව ද අමාත්‍යාංශය පවසනවා.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කිරීමට අදාළව අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නව චක්‍රලේඛයේ මේ බව සඳහන් වන අතර මෙම චක්‍රලේඛය සැප්තැම්බර් මස 9 වැනිදා සිට ඉදිරියට බලපැවැත් වනු ලැබේ.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණිය සඳහා අයැදුම් කිරීම සහ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත පද්ධතියකින් පමණක් සිදු කෙරෙන බවත් මාර්ගගත පද්ධතිය මගින් අයැදුම් කළ යුතු කාලසීමාව අයැදුම් කළ හැකි පාසල් නාමලේඛන සහ මාර්ගගතව පාසල් අයැදුම් කිරීම සම්බන්ධ තාක්ෂණික උපදෙස් අමාත්‍යාංශ වෙබ් අඩවියේ සහ මාධ්‍ය මගින් පළ කෙරෙන බවත් එහි සඳහන්ව ඇත.


එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ, දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත් කිරීමෙන් පසු දිස්ත්‍රික් කඩඉම් ලකුණ ඉක්මවූ සිසුන්ට පාසල් අයැදුම් කිරීම සඳහා අයැදුම්පත පාසල මගින් දෙමාපියන් වෙත ලබා දෙන බව ද එම අයැදුම්පත් දෙමාපියන් මගින් සම්පූර්ණ කරවා ගැනීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු අතර අයැදුම්පත් කැඳවීමේ කාල සීමාව තුළ පාසලේ විදුහල්පති එම තොරතුරු මාර්ගගත පද්ධතියට ඇතුළත් කළ යුතු බවයි.


මාර්ගගත පද්ධතියට පාසල විසින් ඇතුළත් කරන ලද තොරතුරුවල මුද්‍රිත පිටපතක් ලබා දීමෙන් හෝ එම තොරතුරු පරිගණක තිරය මත දෙමාපියන්ට පරීක්ෂා කිරීමට ලබා දීමෙන් මාර්ගගත පද්ධතියට ඇතුළත් කරන ලද තොරතුරුවල නිවැරදිතාව පරීක්ෂා කිරීමට දෙමාපියන්ට අවස්ථාව ලබා දී ඒ බව දෙමාපියන්ගේ අත්සන ලබාගෙන සහතික කර ගත යුතු බවත් මෙම අත්සන් ලේඛන විදුහල්පති විසින් පාසලේ සුරක්ෂිතව තබා ගත යුතු බවත් සඳහන් වන නව චක්‍රලේඛයේ මාර්ගගත පද්ධතියට තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීමේ වගකීම පාසලේ විදුහල්පතිවරයා සතු වන බවද වැඩිදුරටත් සඳහන් වනවා.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments