Ticker

6/recent/ticker-posts

මිනිත්තු 10ක් ප්‍රමාදවී පාසලට පැමිණීම හේතුවෙන් ගුරුවරියක් දුන් දඩුවමින් සිසුවිය මෙලොවින් සමුගනී


 ඉන්දියාවේ, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ, පල්ගාර්හි පෞද්ගලික පාසලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරියක විසින් ලබාදුන් දඬුවමක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවිය මිනිත්තු 10ක් ප්‍රමාදවී පාසලට පැමිණීම හේතුවෙන් ඇයට මෙම දඬුවම ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


මේ අනුව ගුරුවරිය විසින් අදාළ සිසුවියට සියවතාවක් හිඳගෙන නැගිටින ලෙසට නියම කරමින් මෙම දඬුවම ලබාදී තිබෙනවා.


අනතුරුව සිසුවියගේ ගෙල ප්‍රදේශයේ සහ කොන්දේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් මුම්බායිහි රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments