“කල්මේගි” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පිලිපීනයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පීඩාවට පත්වූ පුද්ගලයින් 537,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන ඇත.
විපතට පත් වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 02කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වර්ෂාව සමඟ ඇති වු තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස මිලියන 1.6ක පමණ ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
✅✅✅✅
