අයවැයේ රහස් පෙට්ටියට අතුරුදන්.. අනුරගේ දුඹුරු බෑගය ගැන කතිකාවක්.!


 ශ්‍රී ලංකාවේ අයවැය ඉතිහාසය හා බැඳුණු සාම්ප්‍රදායික රහස්‍ය ලී පෙට්ටියේ භාවිතය මෙවරත් අත්හරිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය යෝජනාවලිය රැගෙන ඒම සඳහා වෙනස්ම ආකාරයක බහාලුමක් තෝරාගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

ඔහු ඊයේ (07) දින පාර්ලිමේන්තුවට සපැමිණියේ, දුඹුරු පැහැති, සම්වලින් නිම කළාක් වැනි පෙනුමක් ඇති විශේෂ බහාලුමක අයවැය ලේඛනය බහාලමින්ය.

මෙය, ජනාධිපතිවරයා සම්ප්‍රදායෙන් බැහැර වූ දෙවන අවස්ථාවයි. මීට පෙර, 2025 වසර සඳහා වූ සිය මංගල අයවැය ඉදිරිපත් කිරීමේදී ඔහු, දේශීයත්වය ඉස්මතු කරමින් පන්වලින් වියන ලද බෑගයක් ඒ සඳහා භාවිත කළේය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට මෙරට මුදල් ඇමතිවරුන් විසින් අයවැය යෝජනා රැගෙන ඒම සඳහා භාවිත කළ, ඓතිහාසික වටිනාකමකින් යුත් ලී පෙට්ටිය, මෙවරද මුදල් අමාත්‍යාංශයේ තැන්පත් කර තබමින්, ජනාධිපතිවරයා සිය නව ක්‍රමවේදය අනුගමනය කිරීම කැපී පෙනුණි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post