Ticker

6/recent/ticker-posts

ට්‍රැක්ටරයකට යටවීමෙන් දරුවෙකු මරුට


 ට්‍රැක්ටරයකට යටවීමෙන් පොළොන්නරුව ප්‍රදේශයේ දී 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ. 

මෙම දරුවා දැනට දින තුනකට පමණ ඉහතදී දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයේ තම සීයාගේ නිවසට පැමිණ ඇත්තේ සීයා සමග එකතු වී ගොවිතැන් කිරීම සඳහාය.

ඔහු යට වී ඇත්තේ ඔහු විසින්ම පැද වූ ට්‍රැක්ටර් රථයට බව ද වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ සීයා ද එම ට්‍රැක්ටර් රථයේ සිට ඇති අතර ඔහු ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ප්‍රදේශවාසීන් විසින් දරුවා සහ සීයා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව වාර්තා වේ. 

දරුවාගේ සීයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.


✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments