බිරිඳ වෙනත් කෙනෙකු සමග පැනගිය නිසා කුඩා දියණියට පියා කර්පු දේ ගැන ඇසෙන අති සංවේදි පුවත


 තම දියණිය අවන්හලකට රැගෙන ගොස් ප්‍රිය කරන ආහාර ඇයට ලබාදී අනතුරුව එම ආහාර අනුභව කිරීමෙන් පසුව වාහනය තුළදී පියා විසින් දියණියගේ ගෙල සිරකර මරා දැමු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

තම සිව් හැවිරිදි දියණිය වාහනය තුළදීම ගෙල සිරකර මරා දැමීමෙන් අනතුරුව පියා එම වාහනය අතරමග දමා ගොස් ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පැනගොස් ඇති අතර ඇය නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තමාට ඔහු සමග ජීවත් විය නොහැකි බවත් දික්කසාද වීමට අවශ්‍ය බවයි.

අනතුරුව සැමියා විසින් බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදු කර නැවතත් නිවසට පැමිණෙන අතරතුර ඔහු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post