ඌව පළාතේ සියලුම පෙර පාසල් දින නියමයක් නොමැතිව වැසේ


 මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් ඌව පළාතේ සියලුම පෙර පාසල් (25) දින සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ, පවතින අධික වර්ෂාව, විටින් විට ඇති වන දැඩි සුළං සහ මාර්ග අවහිරවීම් තත්ත්වයන් සලකා බලා මෙම තීරණයට එළඹුණු බවයි.


දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

එමෙන්ම, පෙර පාසල් යළි ආරම්භ කරන දිනය පිළිබඳව ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post