විදුලි බල මණ්ඩලෙන් විශේෂ දැනුම්දීමක්


 දිවයිනේ පවතින දරුණු කාලගුණික ආපදාව නිසා විදුලි සැපයුමට ඇතිවූ බිඳවැටීම් අතරින් වැඩිම හානිය සිදුව තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට සහ මධ්‍යම පළාතට බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මේ වනවිට රෝහල්වලට අවශ්‍ය විදුලිබල සැපයුමෙන් 90%කට පමණ විදුලිය සම්පාදනය කර ඇති බවය.

මධ්‍යම පළාත තුළ විදුලිබල සැපයුමට විශාල හානියක් සිදුව ඇති අතර, විදුලිය සම්ප්‍රේෂණ කිරීම හා බෙදාහැරීමේ රැහැන් පද්ධතියට ද දරුණු හානි සිදුව ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

ඇතැම් ස්ථානවල අලුතින්ම ට්‍රාන්ස්ෆෝමර් සවිකිරීමට සිදුව ඇතැයි ද පැවසු ඒ මහතා, හැකි ඉක්මනින් විදුලිය ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

මේ අතර ආපදාවට පත්වූ ප්‍රදේශවලින් ලද දුරකථන ඇමතුම්වලින් වාර්තා වූ බිඳවැටීම් 72%ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි ද පැවසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කොටුගොඩ උප විදුලි පොළ තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර ඇතැයි ද පැවසීය. මහජනයාගේ හා සේවකයාගේ ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post