"ඇයි දෙයියනේ මෙහෙම කළේ... මහ මෙරක් තරම් විශ්වාස කළා" - විවාහයට මාසයක් තිබියදී මනාලිය, හිතාගන්න බැරි වැඩක් කරලා...


 යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ මනමාලයාගේ නිවසින් රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කළ මනාලියව චාවාකච්චේරී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


යාපනයේ මෙම තරුණයා කිළිනොච්චියේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන පසුව ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන ඇත.

විවාහ මංගල්ලයේ කටයුතු සැලසුම් කිරීම පිණිස මනාලිය මනමාලයාගේ නිවසට පැමිණ දින කීපයක සිට ආපසු කිළිනොච්චියට ගොස් ඇත.

දිනක් මනමාලයා තම අල්මාරිය විවෘත කොට බලන විට පවුම් 8 කට වඩා වැඩි බරකින් යුත් රන් භාණ්ඩ සියල්ලම අල්මාරියෙන් අතුරුදහන් වී තිබෙනු දැක වහාම ඒ පිළිබදව චාවාකච්චේරී පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

පොලීසිය විසින් සැකපිට මනාලිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ඇය විසින් හොරකම් කරණ ලද සියලු රන් භාණ්ඩ අලෙවි කොට මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

ඇය මෙම මුදලින් නීති විරෝධී පරිගණක ක්‍රීඩාවකට මුදල් ආයෝජනය කිරීමෙන් ණය වී තිබුණු අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ණය පියවිමට යොදවා තිබෙනවා.

ඉතිරි මුදල් ඇය සිය බැංකු ගිණුමේ තැන්පත් කොට ඇත. අත් අඩංගුවට ගත් සැකකාරිය චාවාකච්චේරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන බව චාවාකච්චේරී ප්ලිසිය පවසනවා .



✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post