අසාධ්‍යව සිටි බිළිඳන් දෙදෙනෙක් සහ දස හැවිරිදි දරුවෙක් ගුවනින් කොළඹට (VIDEO)

 


ජල ගැලීම් හේතුවෙන් සේවා අකර්මන්‍ය වී තිබෙන හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දින 28ක් සහ දින 35ක් වයසැති බිළිඳුන් දෙදෙනකු, වයස අවුරුදු 10ක බරපතළ තුවාල ලබා සිටි දරුවෙකු ගුවන් හමුදාව විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍යවරු දෙදනෙකුගේ අධීක්ෂණය යටතේ රත්මලාන ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුරේ අංක 04 වන බළගණයට අයත් Bell- 412 හෙලිකොප්ටර් යානයක් මගින් කටුනායක කඳවුර වෙත රැගෙනවිත් තිබේ.

පසුව ගිලන් රථයක් ආධාරයෙන් මෙම දරුවන් තිදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post