ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටෙයි... විදෙස් මාධ්‍ය පවා කැළඹූ ඒ අනතුර ගැන ඇසෙන කතාව මෙන්න..

 


ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 26 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.



රථවාහන 50කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදුවූ මෙම අනතුරත් සමග එම ස්ථානයේ විශාල ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද උදෑසන ජපානයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇත්තේ මීදුම සහිත කාලගුණය හේතුවෙන් මාර්ගයේ දර්ශන පථය අපහැදිලි වීමත් සමගයි .

අනතුරට ලක්වූ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ කුඩා මෝටර් රථ කිහිපයක්ම වන බවත් සඳහන්.

මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ජපාන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post