Ticker

6/recent/ticker-posts

ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

 


ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

2025 නොවැම්බර් මස 30 වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක් වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් මෙය දෙසැම්බර් මස 16 වන දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමට නියමිතය.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments