මධ්‍යම කඳුකරයට වෙලා තියෙන්නේ මොකද්ද මේ ? මහපොළොව දෙදරයි. නාය යෑමේ භීතිය තවම ඉවර නෑ..


 කාලගුණය ටිකක් හොඳ වුණාට, මධ්‍යම කඳුකරය ඇතුළු තැන්වලින් එන ආරංචි නම් එච්චර හොඳ නෑ. පොළොව තවමත් ඉරිතලා, ගිලා බහිනවා කියලා තමයි වාර්තා වෙන්න.


නායයෑම්වලින් වැඩිම හානිය වුණු කොත්මලේ නයාපාන කන්ද අවට ප්‍රදේශවල මිනිස්සු ඉන්නේ මහා භීතියකින් කියලයි සඳහන් වෙන්නේ. නිවාස පුපුරලා, ගිලා බැසීම් වලට ලක් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

ඒ වගේම නයාපාන ගමට යන පාරත් තැන් කීපයකින් ඉරිතලලා, අඩි එකහමාරක් විතර පහළට ගිලා බැහැලා. මේ භයානක තත්ත්වය නිසා පවුල් 30ක 150කට අධික පිරිසක් ආරක්ෂිත තැන්වලට අරගෙන ගිහින් තියෙනවා.

විශේෂම කාරණය තමයි ගම්පොල - නුවරඑළිය පාරේ දුනුකෙවුල කියන පැත්තෙත් පොළොව ඉරිතලනවලු. ගම්පොල - පුපුරැස්ස පාරේ රජතලාව ප්‍රදේශයේත්, පසුගිය 28 වැනිදා වෙච්ච නාය යෑමෙන් පස්සේ ආයෙත් ඉරිතැලීම් වාර්තා වෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහත්මයා කියන්නේ මෙවැනි ඉරිතැලීම් දුටුවොත් ප්‍රමාද නොවී එතනින් ඉවත් වෙන්න කියලයි.
මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කරපු නායයෑම් රතු නිවේදන තවමත් ක්‍රියාත්මකයි. ඉතින් හැමෝම පරිස්සම් වෙන්න.

✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post