Ticker

6/recent/ticker-posts

බම්බලපිටිය මුහුදේ කිමිදී විසිතුරු මසුන් අල්ලන්න ගිය තරුණයා ගලක සිරවී මරුට

 


බම්බලපිටිය මුහුදු තීරයේ ගැඹුරු මුහුදේ කිමිදෙමින් විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඥාති සහෝදරයන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු ගල්පරයක් තුළ සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බල්ලවත්ත, ප්‍රනාන්දු පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ජෝජ් සෙල්වම් ශෙහාන් ඇන්තනි නැමැති තරුණයෙකි.


මෙම දෙදෙනා පුරුද්දක් ලෙස විසිතුරු මසුන් ඇල්ලීම සිදුකර ඇති අතර, ඊයේ (10) රාත්‍රී 11.00 ට පමණ බම්බලපිටිය වෙරළ තීරයෙන් මුහුදට බැස කිමිදීම ආරම්භ කර තිබේ.

මුහුදු පතුලේ අඩි 10 ක් පමණ ගැඹුරට කිමිදී මීටර් 10 ක පමණ පරතරයකින් පිහිනා යමින් සිටියදී, පැය තුනකට පමණ පසු එක් සහෝදරයෙකු ආපසු හැරී බැලීමේදී තම ඥාති සහෝදරයා දක්නට නොසිටි බව වාර්තා වේ.

අනතුරුව ඔහු වහා ගොඩබිමට පැමිණ ඒ පිළිබඳව සොයා බලා ඇත.

ගොඩබිමේදී ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ තැන, නැවත වරක් මුහුදට කිමිදී සිදුකළ සෝදිසි කිරීමකදී අතුරුදහන් වූ තරුණයා මුහුදු පතුලේ ගල්පරයක් අතර සිරවී සිටිනු දැක ගැනීමට හැකි වී තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වෙත සිදුකළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් විසින් අද පෙරවරුවේ මියගිය තරුණයාගේ දේහය ගල්පරය අතරින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments