ආපදාවෙන් මියගිය අයට මරණ සහතික දෙන්නේ මෙහෙමයි - විශේෂ ගැසට් එකක් එළියට


 දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාකාලීන මරණ සහතික නිකුත් කිරීම සඳහා නව ගැසට් පත්‍රයක් නිකුත් වේ.

ඒ අනුව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 22ක මරණයට පත්වූවන්ට මරණ සහතික ලබාදීමට හැකි වන පරිදි නව ගැසට් පත්‍රයක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

මෙම ගැසට් පත්‍රය බලපැවැත්වෙන දිස්ත්‍රික්ක ලෙස, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, ගම්පහ, මුලතිව්, අනුරාධපුරය, කොළඹ, යාපනය, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, රත්නපුර, මොණරාගල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය, වව්නියාව සහ කළුතර යන දිස්ත්‍රික්ක හැදින්වේ.

ගැසට් පත්‍රය පෙරේදා (2025 පෙබරවාරි 2) නිකුත් කර ඇති අතර, අතුරුදන්වූවන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම සඳහා 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය යටතේ විධිවිධාන ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ගැසට් පත්‍රය නිකුත් කරන්නේ 2025 නොවැම්බර් මස ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ නායයෑම්, ගංවතුර හා ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශවල හානිය සම්බන්ධව බලපැවැත්වීම සඳහාය.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post