Ticker

6/recent/ticker-posts

වයර් දෙකක් නිසා දැරියකට සිදු වූ හද කම්පාකරවන සිදුවීම

 


(ඩි.ඒ.පතිරණ)


වරල්ල ප්‍රදේශයේ පාසල් දැරියක විදුලි සැර වැදීමෙන් අද (26) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොස්මෝදර පොලීසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ වරල්ල,උඩ හොරගල (බටහිර) ඉලුක්තැන්න ලිපිනයේ පදිංචිව සිටී හත් හැවිරිදි නාගොඩ ගමගේ යෙනුකි සෙහන්සා හන්සදී නැමැති උඩ හොරගල කණිෂ්ඨ විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී සිසුවියක බවට පොලීසිය පැවැසීය.

නිවසට ඇද තිබූ විදුලි වයරයේ වයර් දෙක අමුණා තිබූ ස්ථානයේ දරුවා අත තිබූ දිග මනින දුනු ටේප් පටියක් ගැටීම නිසා දරුවාට විදුලි සැර වැදී ඇත.

පසුව දරුවා මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවැසීය.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments