දෙයියනේ මෙහෙමත් හොරු - සහනාධාර මළු තොගයක් මුදලට අලෙවි කරලා


 “දිට්වා“ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට බෙදාදුන් සහනාධාර මළු අලෙවි කර ඇති බවට තොරතුරු කිහිපයක් ලැබීම නිසා, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොළොන්නාව, වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල බෙදාදුන් සහනාධාර ලබාගත් ඇතමුන් ඒවා අලෙවි කර ඇති බවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේය.

මෙම පරීක්ෂණයෙන් ලබාගත් වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස ද උපදෙස් දී ඇති අතර, එවැනි සිද්ධීන් සම්බන්ධව නිරන්තරයෙන් අවධානය යොමු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post