එදා ජීවිත 14ක් අහිමි කළ පස්සර මාරක අනතුර ඔබට මතක ඇතුවා නිසැකයි.
රටේම අවධානය දිනූ මෙම මාරක අනතුරින් බොහෝ දෙනෙකු තුවාල ලබද්දී, ජාති ආගම් බේද පසෙකලා එදා සියලු දෙනා ඔවුන්ට හුස්ම දෙන්න වෙර දැරුවා.
ඒ හැමදෙනාම අතරින්, විශේෂ අවධානයක් දිනූ වෛද්‍යවරයෙකු හිටියා.
ඒ හැම මොහොතකම පිහිටට එන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා.
කෙසේ වෙතත්, වෛද්‍ය පාලිත හදිසියේම අසනීපව රෝහල්ගත කළ පුවතක් සමග ඡායාරූපයක් මේ වනවිට මුහුණු පොතේ හුවමාරු වෙනවා.
ඔහු ඒ ගැන මුහුණු පොතේ කළ පළකිරීමකුත් සිදු කර තිබුණා.

