හොලිවුඩ් සිනමාපටවල දක්නට ලැබෙන ආකාරයේ අතිශය සූක්ෂ්ම මහා පරිමාණ බැංකු කොල්ලයක් ජර්මනියේ Sparkasse ඉතිරි කිරීමේ බැංකු ශාඛාවක සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
"නත්තල් නිවාඩු සමයේ නිහඬතාව" ප්‍රයෝජනයට ගනිමින් සොරුන් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් ප්‍රකාශකයෙකු මෙම කොල්ලය හඳුන්වා දුන්නේ සුප්‍රකට 'Ocean’s Eleven' චිත්‍රපටයේ ජවනිකාවක් ලෙසිනි.
ඉතා වෘත්තීය මට්ටමින් සිදුකර ඇති මෙම කොල්ලයේදී සොරුන් බැංකුවට යාබද රථ ගාලක සිට සේප්පු කාමරයට පිවිසීමට විශාල සිදුරක් විද තිබෙනවා.
බැංකුවේ තිබූ පුද්ගලික ආරක්ෂිත සේප්පු 3,000කට අධික ප්‍රමාණයක් බලහත්කාරයෙන් විවෘත කර ඇති අතර, එහි තිබූ රන් ආභරණ, මුදල් සහ වටිනා දේපළ කොල්ලකා ඇති අතර මෙය බැංකුවේ තිබූ මුළු සේප්පු ප්‍රමාණයෙන් 95%ක් බව සඳහන්.
සඳුදා අලුයම බැංකුවේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥාවක් (Fire Alarm) ක්‍රියාත්මක වීමත් සමඟ පොලිසිය සහ ගිනි නිවන හමුදාව එම ස්ථානයට පැමිණ ඇති අතර, එවිට කොල්ලය අනාවරණය වී තිබෙනවා.
ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සඳුදා අලුයම කළු පැහැති සුඛෝපභෝගී අවුඩි රථයක් බැංකු පරිශ්‍රයෙන් පිටව යන අයුරු දක්නට ලැබී තිබෙනවා.
සෙනසුරාදා සහ ඉරිදා දිනවල විශාල බෑග් රැගත් පුද්ගලයන් පිරිසක් රථ ගාලේ තරප්පු පෙළ අසල ගැවසෙනු දුටු බවට සාක්ෂිකරුවන් තොරතුරු ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
තම ජීවිත කාලය පුරා ඉතිරි කළ ධනය අහිමි වීම නිසා විශාල පිරිසක් බැංකුව ඉදිරිපිට රැස්ව විරෝධය දැක්වූවා.
"මට ඊයේ රෑ නින්ද ගියේ නැහැ. බැංකුවෙන් කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. මගේ මහලු වයසට ඉතිරි කරපු හැමදේම එතන තිබුණා," යැයි එක් ගනුදෙනුකරුවෙකු විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියා.
බැංකුව ප්‍රකාශ කර ඇත්තේ එක් සේප්පුවක් සඳහා යුරෝ 10,300ක රක්ෂණ ආවරණයක් හිමිවන බවයි.
කොල්ලකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ජර්මන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅