අලුතින් ගුරු පත්වීම් ලබාදීම ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න


 අනාගතයේදී කිසිදු හේතුවක් මත තරග විභාගයකින් තොරව ගුරු සේවයට උපාධිධාරීන් අන්තර්ග්‍රහණය නොකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

මෙම තීරණය රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් මත පදනම්ව ගනු ලැබූ බවත්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව සියලුම පාර්ශ්වකරුවන්ගේ එකඟතාව මත මෙය ක්‍රියාත්මක වන බවත් ඇය පැහැදිලි කළාය.


සංවර්ධන නිලධාරීන් වසර ගණනාවක් ගුරු සේවයට අනුයුක්තව සේවය කරමින් විද්‍යාපීඨ ශික්ෂණ ලාභීන්ට වඩා වැඩි අත්දැකීම් ලබා ඇතත්, තරග විභාගයට පෙනී සිටීම අනිවාර්ය බව අගමැතිවරිය අවධාරණය කළාය. එමෙන්ම, විභාගයෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේදී එම අත්දැකීම් ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඇය සඳහන් කළාය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post