මතුගම සජබ සභාපතිගෙන් ලේකම්වරියට පහරදීමක්.. ලේකම්වරිය රෝහලේ.!

 


මතුගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී ඇත.

අද (30) දින උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට සභාපතිවරයා පැමිණ ආරවුලක් ඇතිකරගෙන, එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇත.

අනතුරුව ප්‍රහාරයෙන් පසුව තුවාල ලැබූ ලේකම්වරිය මේ වනවිට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post