Ticker

6/recent/ticker-posts

ගාස්තුව ඉහළ යයිද..? මිල ගැන මෙන්න විශේෂ ආරංචියක්..

 


මේ කියන්න යන්නේ අද දවසේ ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.


ඉදිරියේදී මත්පැන් ගාස්තු ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය ප්‍රකාශ කළා.


එහි සභාපති අජිත් උඩුගම කියා සිටියේ අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබීම ඊට හේතුව බවයි.

ඒ අනුව, සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා තිබෙනවා.

එසේ ඉහළ දමා ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එහි දැක්වුණේ වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව මේ යටතේ ඉහළ දමා ඇති බවයි. 


✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments