නාලන්දා විද්‍යාලයේ ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට

 කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලයේ 2025/2026 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පත් කරන ලද ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් සිව් දෙනෙකු පිළිබදව දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.

සමාජ මාධ්‍යයට වීඩියෝ පට 4 ක් උඩුගත වීමත් සමග ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් සිව් දෙනෙකු අතර පැවති බව කියන අසම්මත සබඳතාවක් සම්බන්ධයෙන් පුවත් නිර්මාණය විය.

එහිදී මතු වූ තවත් ප්‍රකාශය වූයේ අඳාළ සිදුවීම මෑතක සිදුවූවක් නොවන බවත් 2025 වසරේ සිදුවූවක් බවත් ඊයේ දින (26) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙම පාසලේ විශේෂ උත්සවයකට සහභාගී වීමට යන්නට පෙර හිතාමතා මෙසේ මඩගැසීමක් නිර්මාණය කර ඇති බවයි.

මෙම සිදුවීම හා අදාල පුවත පිළිබදව අද (27) දින කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබාදුන් පිළිතුරු ලබා දී ඇත.

එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ, "අගමැතිතුමිය ඊයේ දිනයේ ප්‍රසිද්ධ පාසලක ගොඩනැගිල්ලක් විවෘත කරා.ඒ පාසලේම යම්කිසි සිද්ධියක් ඊයේ දවස පුරාම සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා.එතකොට අගමැතිතුමිය මේ පාසලේ ගොඩනැගිල්ල විවෘත කිරීමත් මේ සිද්ධිය එකපාරම ඊයේ මතුවීමත් අතර කුමන්ත්‍රණකාරී සිදුවීමක් තියෙනවද" ලෙසයි.

ඊට පිලිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, " අගමැතිතුමිය පාසලකට යන එකයි මේ සිදුවීමයි අතර කිසිම සම්බන්ධයක් තියෙන්න විදිහක් නැහැ" ලෙසයි.

අදාල කරුණ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා තහවුරු කලේ මේ සිදුවීම හරහා අගමැතිනියට මඩ ගැසීමක් ආදී කුමන්ත්‍රණයක් නොමැති බවයි. 

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post