කාන්තාවන්ගේ මායම් ගැන නම් මේ කතාව කියෙව්වට පස්සේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා ඔබටම හිතේවි.
ඒත් ඔහුට සිද්ධ වුණේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්..
ගැහැනුන්ට මායම් හැට හතරක් ඇතැයි කියමනක් තිබුණ ද එවැනි මායම් පෙන්වන ගැහැනු නිතර අපිට මුණ නොගැසුණ ද, ඇත්තටම මායමකින් තම සැමියා රැවැට්ටූ ගැහැනියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ නගරයකින් පසුගිය දා අසන්නට ලැබුණා.
මෙම සැමියා අනුරාධපුරය පැත්තේ උපන් අයෙක්.

ආරක්ෂක අංශයේ සේවයේ නියුතු විවාහකයෙක්. පඩිය අරගෙන ගෙදර යන්නේ මසකට වරක්. එසේ එක් මාසයක ගෙදර යනවිට බිරිඳ නිවසේ නොසිටියා. ඒ ගැන සොයා බලනවිට ඇය ඥාති සහෝදරයකු සමග තවත් දීගයක ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇති අතර,එම දීගයෙන් බැටකා තනිව සිටින සමයේ නැවතත් ඔහුට මල්සර හීය වැදුණා.
ඒ දකුණු පළාතෙන්. පළමු විවාහයෙන් සැමියා අහිමි වූ එම තැනැත්තියට ලොකු මහත්වූ දුවක් ද සිටියා. එම දුව ඇගේ ආච්චි අම්මාට බාර දී ඇය ඔහු සමග දීග ආවා.
මේ වනවිට ඔහු රැකියාව කරමින් සිටියේ අග නගරය ආසන්න හමුදා කඳවුරකයි. පවුල් කනවා නම් දෙපොළක සිට කෑ නොහැකි බව අත්දැකීමෙන්ම දැන සිටි ඔහු, දෙවැනි බිරිඳ තමා සේවයේ නියුතු ඉසව්වට ගත්තා. ඔහු ඒ සඳහා තම පඩියට සරිලන කුඩා නිවසක් ද කොළඹට ආසන්න නගරයකින් සොයාගෙන තිබුණා.
මෙසේ දෙපල සතුටින් වෙසෙන අතරතුරදී බිරිඳගේ බාල නැගණියගේ විවාහ මංගල උත්සවයට දෙදෙනාට සහභාගී වන ලෙස ආරාධනාවක් ලැබුණා. ඇගේ ගමේ පැවැත්වෙන මෙම මංගල්‍යයට ඔවුන් සූදානම් වූ අතර, බිරිඳට කර පැලඳීමට රන් මාලයක් නොමැතිවීම ගැටලුවක් වුණා. එයට විසඳුමක් ලෙස ඔහු ගමට ගොස් සිය සොයුරිය හමුවී කතන්දරය පවසා ඇගේ රන්මාලය ඉල්ලාගෙන පැමිණියා.
දෙපල බොහෝ සතුටින් මංගල උත්සවයට සහභාගි වූහ. බිරිඳගේ දියණිය ද එහි පැමිණ සිටි අතර, ඒ හේතුවෙන් බිරිඳගේ සතුට ඉහවහා ගොස් තිබුණා. මේ වගේ අවස්ථාවක නොමිලේ ලැබෙන චාන්ස් එක ප්‍රයෝජනයට ගත් ඔහු, මධුපානයට සෙට් වී සිටියා. බිරිඳ තම ගෙල පැලදි මාලය ගලවා තම දියණියට දුන්නේ මේ අවස්ථාවේදීයි. එය දැරිවියගේ අත් බෑගයේ දමා ගන්නා ලෙස අම්මා උපදෙස් දුන්නා.
පසුව ඔවුහු එකතුව දිවා ආහාරයද ගත්තා. අතුරුපසද ගැනීමෙන් අනතුරුව බිරිඳ එකවරම ‘‘මගේ මාලෙ නැහැ” යි කියමින් හඬන්නට පටන් ගත්තා. මාලය නැති සොවින් කඳුළු වගුරමින් ඈ වැලපුනා. එය කොහේ හෝ බිම වැටෙන්නට ඇතැයි විශ්වාසයෙන් මංගල සාදයට එක්ව සිටි ඔවුන්ගේ ඥාතීන් ඒ ගැන සොයා බැලුව ද මාලය හමුවූයේ නැහැ.
පසුව ඔහු සොයුරියගේ මාලයේ වටිනාකම කොටස් වශයෙන් ගෙවීමට පොරොන්දු වී එම ගැටලුව නිරාකරණය කරගෙන ඇති අතර, සිද්ධිය ඇසූ ඔහුගේ මිතුරන් බොහෝ දෙනකු එය බිරිඳගේ මායමක් බව පැවසුව ද, ඔහු ඒ මතය පිළිගන්නේ නැති බවද වාර්තා වෙනවා. එය ඇත්තටම මායම් හැට හතරෙන් එකක් බව දන්නේ ඔහුගේ බිරිඳ හා ඇගේ දියණිය පමණකැයි සිද්ධිය ඇසූවෝ පවසනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න