රටේ දරු උපත් වැඩි කරගන්න ඔවුන් ගත් අරුම පුදුම තීරණය මොකක්ද කියලා දන්නවාද..?

 


මේ කියන්න යන්නේ අද සිට වෙනස් වුණු එරටේ තවත් නීතියක් ගැන කතාවක්.


දශක තුනකට වැඩි කාලයක් උපත් පාලන ක්‍රම සඳහා ලබා දී තිබූ බදු සහන ඉවත් කරමින්, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි උපත් පාලන කොපු (Condoms) ඇතුළු අනෙකුත් උපත් පාලන ද්‍රව්‍ය සඳහා 13%ක විකුණුම් බද්දක් පැනවීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


ශීඝ්‍රයෙන් පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ ජාතික සැලසුමේ කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කලක් "එක් පවුලකට එක් දරුවෙක්" ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කරමින් ජනගහනය පාලනය කිරීමට උත්සාහ කළ චීනය, දැන් එහි අනෙක් පසට ගමන් කරමින් සිටිනවා.

මෙම නව බද්ද හරහා උපත් පාලන ද්‍රව්‍යවල මිල ඉහළ නංවා, ජනතාව දරුවන් ලැබීමට පොළඹවා ගැනීම රජයේ අපේක්ෂාව වුවද, එරට තරුණ පරපුරෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයක්.

කෙසේ වෙතත් චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන RedNote හි පරිශීලකයින් සිය කෝපය පළ කර තිබෙනවා.

"අපිට දරුවන් හදාගන්න බැරි විතරක් නෙවෙයි, දැන් ලිංගිකව එක්වීමටවත් වත්කමක් නැති වෙනවා," එක් පරිශීලකයෙකු උපහාසාත්මකව පවසා තිබෙනවා.

විස්කොන්සින්-මැඩිසන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ යි ෆුක්සියාන් (Yi Fuxian) පවසන්නේ මෙය රජය විසින් උපත් පාලන ද්‍රව්‍ය සාමාන්‍ය වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමේ උත්සාහයක් බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙම බද්ද හේතුවෙන් උපත් පාලන කොපු භාවිතය අඩු විය හැකි බවයි.

එමගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STDs) ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතී.

නිල දත්ත වලට අනුව, 2024 වසරේදී පමණක් චීනයෙන් ගොනෝරියා රෝගීන් ලක්ෂයක් සහ සිපිලිස් රෝගීන් 6,70,000ක් වාර්තා වී තිබෙනවා.

තම ශරීරය සහ ලිංගික ජීවිතය පාලනය කිරීමට රජය දරන උත්සාහයට කාන්තාවන් ද සිය අකමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 


✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post