Ticker

6/recent/ticker-posts

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

 


අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මේ මාසයේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එබැවින් මහජන චීන සමූහාණ්ඩුව මඟින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

එසේම මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව එම නිල ඇඳුම් ප්‍රදානය නිල වශයෙන් භාර ගැනීම අද දින (13) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

එබැවින් මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා 4,418404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබා ඇත.

ඒ හේතුවෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ මේ මස19 වැනි දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු සිදු කරන බවයි.


✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments