මේ දවස්වල හොඳටම ට්‍රැක් අවුල්… ! කෑවේ එසේ මෙසේ බූට් එකක් නෙවෙයි…! පිරිමියි ගෑනුයි දැන් මට තිත්තයි…! හර්ෂි මධු

 


වේදිකාවෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණි මධු දැන් පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයව ඔබ මේ දවස්වල දකින්නේ ශෙනායා ලෙසට. ‘ආලේ’ ටෙලිනාට්‍යයේ ඇය මේ දවස්වල කාලය ගෙවන අතර, කෙටි විරාමයක් ලද මොහොතක ඇය සමග කතා කරන්නට ‘හාට්’ අපි අවස්ථාව උදා කරගත්තා.Sri Lanka Latest News

මේ දවස්වල නම් ට්‍රැක් අවුලෙන් නේද?
ඔව්, හොඳටම ට්‍රැක් අවුල්.
ඉතින් කියමුකො බලන්න ශෙනායා චරිතය සමග ගෙවන ජීවිතය ගැන?
ඇත්තටම ශෙනායා චරිතය නිසාමයි ට්‍රැක් අවුලෙන් ඉන්නේ. තාත්තාව දකින්නේ පෙම්වතා විදියට. ඒ චරිතය වෙනුවෙන්ම හැමෝගෙන්ම දෝෂාරෝපණ ආවා. වයසක කෙනෙක්ට ආදරය කරන එකට. හැබැයි ඉතින් දැන් ප්‍රේක්ෂකයන් චරිතය තේරුම් අරගෙන මට අනුකම්පා කරනවා. දෝෂාරෝපණය අහන්නෙත් චරිතය හොඳට කරන නිසා. ඒ නිසා ගොඩක් සතුටුයි.
ශෙනායා චරිතයට ඔබට කතාකරනකොට මොකද හිතුණේ?
සිමෙත් අයියා සහ ඉන්දික අයියා දෙන්නම කතා වෙලා තමයි මාව මේ චරිතයට තෝරාගෙන තියෙන්නේ. චරිතය ගැන මට පැහැදිලි කිරීමක් කළා. මේ වගේ චරිතයක් මම මීට පෙර රඟපාලා නැති නිසා ගොඩක් ආසාවෙන් තමයි චරිතයට කැමැති වුණේ. ඒ වගේ රෝගී කෙනෙක්ගේ හැසිරීම් රටාව ගැන අවබෝධයක් ගන්න හිතුවේ. ඒ වෙලාවෙත් ඒ අයියලා මට කිව්වේ මේ ඉන්න විදියට හොඳටම ඇති අමුතුවෙන් ඒ ගැන හොයන්න අවශ්‍ය නැහැ කියලා.


‘සති’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර ඥාති සම්බන්ධයක් දැනහඳුනා ගන්න ලැබුණා නේද?
‘සති’ ටෙලිනාට්‍යයේ ඉහළ පැලැන්තියේ වලව්කාර චරිතයක් තමයි මම රඟපෑවේ. නන්දනී චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනී මාධනී මල්වත්තගේ තරුණ කාලේ චරිතය තමයි රඟපෑවේ. ඔය අතර තමයි මාධනී මල්වත්තගේ අපේ දුරින් ඥාතීන් වන බව දැන ගන්න ලැබුණේ. එදා තමයි මමත් හරියටම දැනගත්තේ එතුමිය සමග අපේ තියෙන නෑදෑකම ගැන. ඉතින් ‘සති’ ටෙලිනාට්‍යය මට විශේෂ අවස්ථාවක් වුණා කිව්වොත් හරි.
පසුගිය කාලේ ආදරය නිසා ලොකු බූට් එකක් කෑවා නේද?
අම්මෝ ඔව්. ඒක එසේ මෙසේ බූට් එකක් නෙවෙයි. ලක්ෂ 15ක විතර දඩ බූට් එකක්. මට ඒකෙන් පස්සෙ නම් ආදර සම්බන්ධතා විතරක් නෙවෙයි මිනිස්සු සත පහකට විශ්වාස කරන්නත් කැමැති නැහැ. අවුරුදු හතරක් විතර ආදරය කරලා අවසානයේ සියල්ලම ගඟට කැපූ ඉනි වුණා. කෙටියෙන්ම කියනවා නම් පෙම්වතා සල්ලිත් අරන් මාරු.
ඉතින් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද?
පරණ ණයක් ගෙව්වා කියලා හිත හදාගත්තා. කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා මම හිත හදාගෙන මගේ පාඩුවේ ඉන්නවා.
ඒ කියන්නේ දැන් පිරිමි පාර්ශ්වය වහ කදුරුද?
පිරිමි විතරක් නෙවෙයි. දෙපාර්ශ්වයම දැන් තිත්තයි. මගේ තාත්තා, මගේ සීයා වගේ ආදරණීය පිරිමියෙක් මම දැකලා නැහැ. වයස ගියත් ඔවුන් මාරම ආදරණීයයි. පොරොන්දු රකිමින් තාමත් එයාලා පුදුමාකාර ආදරණීය බැඳීමක ඉන්නේ. ඒ වගේ ආදරණීය පිරිමි වර්තමාන සමාජයේ හරිම අඩුයි.
දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?
රංගනය පැත්තෙන් ඉදිරියට ගිහින් ජනප්‍රිය නිළිය, හොඳම නිළිය සම්මානයක් ගන්න තමයි මගේ අරමුණ. මගේ පවුලේ අයගෙන් ලොකු සහායක් ලැබෙන නිසා මම මේ ගමන ලස්සනට ඉදිරියට යනවා.
කොළඹ මෙහෙම තනියම ඉන්නවට ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද?
මගේ මවුපියන්ට මාව විශ්වාසයි. මගේ ගම් පළාත අනුරාධපුර. මම දැන් ඉන්නේ කොට්ටාවේ. මගේ කලා කටයුතුවලට පහසු නිසා මම කොළඹ නතර වුණා. හැබැයි අම්මයි තාත්තයි දුරින් හිටියත් ඒ දෙන්නා නිරන්තරයෙන් මා ගැන හොයා බලමින් තමයි ඉන්නේ. බෝඩිමට කීයට ආවත් එයාලා නිදිමරාගෙන මා ගැන හොයා බලනවා.

වසන්ත විතාරණගේ

✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post