ලෝක විනාශයේ ඔරලෝසුව මධ්‍යම රාත්‍රියට ළංවෙයි.. ඇඟ සලිත වෙන ඒ කතාව මොක්කද..?



 මේ කියන්න යන්නේ මොන වගේ කතාවක් ද කියලා ඔබ දන්නවාද..?


මොකක්ද මේ කියන්න යන ලෝක විනාශය..? 


පරමාණුක විද්‍යාඥයින්ගේ පුවත්පත මගින් පවත්වාගෙන යනු ලබන 'ලෝක විනාශයේ ඔරලෝසුව' හෙවත් (Doomsday Clock) 2026 වසර සඳහා යාවත්කාලීන කර තිබෙනවා.

එය දැන් ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා මධ්‍යම රාත්‍රියට එනම් ලෝක විනාශයට ආසන්න වී ඇති බවයි වාර්තාවන්නේ.

'ලෝක විනාශයේ ඔරලෝසුව' හෙවත් (Doomsday Clock) යනු සැබෑ ඔරලෝසුවක් නොවන අතර, ලෝකය විනාශ වීමේ අවදානම පෙන්වන සංකේතාත්මක මිනුම් දණ්ඩක්

මෙහි මධ්‍යම රාත්‍රිය ලෙස සැලකෙන්නේ මානව ශිෂ්ටාචාරයේ අවසානයයි.

2026 ජනවාරි 27 වන දින සිදුකළ නිවේදනයට අනුව, ඔරලෝසුවේ වේලාව මධ්‍යම රාත්‍රියට තත්පර 85ක් එනම් විනාඩි 1යි තත්පර 25කින් ඉදිරියට ගෙන ගොස් ඇති බව සඳහන්.

2025 වසරේදී මෙය තත්පර 89ක මට්ටමේ පැවති අතර, මෙවර එය තවත් තත්පර 4කින් ඉදිරියට පැමිණිම විශේෂත්වයක්.

ඔට හේතුවී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, මැදපෙරදිග අර්බුද සහ ඉරාන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානම ඉහළ යාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ලෝක නායකයින් අපොහොසත් වීම සහ ස්වභාවික විපත් දරුණු වීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) යුධමය කටයුතු සඳහා භාවිත කිරීම යන කරුණුයි.

එමෙන්ම වැරදි තොරතුරු ප්‍රචාරණය හරහා ලෝක සාමයට තර්ජන එල්ල වීමද මෙම තීරණයට පාදක වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

1947 දී ඇල්බට් අයින්ස්ටයින් ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම කාල ගණනය ආරම්භ කළ අතර, 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග මෙය මධ්‍යම රාත්‍රියට විනාඩි 17ක් පිටුපසින් ආරක්ෂිත මට්ටමක පැවතුණා.

විද්‍යාඥයින් අවධාරණය කරන්නේ මෙය ලෝක නායකයින්ට සහ ජනතාවට ලබා දෙන දැඩි අනතුරු ඇඟවීමක් බවයි.


✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post