සල්ලි පස්සේ දුවන, මිනිස්කම අමතක වුණු ලෝකෙක හිතට හරිම අමුතු විදිහේ සතුටක් දෙන කතාවක් "කතරගම - කොළඹ" පාරේ දිවෙන බස් රථයකින් වාර්තා වෙනවා.
සිද්ධිය වෙන්නේ මෙහෙමයි... කතරගම ඉඳන් කොළඹ බලා ගමන් කරපු තරුණ ගැහැණු ළමයෙකුට තමන්ගේ අතේ තිබුණු වටිනා රත්තරන් බ්‍රේස්ලට් එක බස් එකේදී නැති වෙනවා. බස් එකෙන් බැස්සට පස්සේ තමයි මේ ළමයා ඒක දකින්නේ. දාඩිය මහන්සියෙන් හම්බකරලා ගත්ත රත්තරන් බඩු අද කාලේ නැතිවුණොත් ආයෙත් හම්බෙනවා කියන එක හීනයක් වගේ දෙයක්නේ.
හිතේ තිබුණු බයටම මේ ගැහැණු ළමයා බස් එකේ පිරිසට කතා කරලා මේ ගැන දැනුම් දෙනවා. ගොඩක් අය හිතුවේ "දැන් ඕක කාට හරි හම්බෙලා ඇති, ආයෙ ලැබෙන එකක් නැහැ" කියලා. හැබැයි එතනදී තමයි මේ බස් රථයේ කොන්දොස්තර මහතා තමන්ගේ නියම මිනිස්කම ලෝකෙටම පෙන්නුවේ.
බස් එක පරීක්ෂා කරද්දී ඔහුට මේ රත්තරන් බ්‍රේස්ලට් එක හම්බවෙලා තියෙනවා. වෙන කෙනෙක් නම් ඒක සාක්කුවේ දාගන්න ඉඩ තිබුණත්, මේ අවංක මනුස්සයා ඒ වටිනා රත්තරන් බ්‍රේස්ලට් එක අදාළ තරුණියටම ආරක්ෂිතව භාර දීලා තියෙනවා.
අද කාලේ රත්තරන් මිල තියෙන විදිහට ඕනෑම කෙනෙක්ගේ හිත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ අවංකකම රත්තරන් වලට වඩා වටිනවා කියලා මේ කොන්දොස්තර සහෝදරයා ඔප්පු කරලා ඉවරයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
