ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් තම හඬින් සුවපත් කළ බොලිවුඩයේ අසහාය ගායන ශිල්පී අරිජිත් සිං, සියලු දෙනා මවිතයට පත් කරමින් චිත්‍රපට පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මින් ඉදිරියට චිත්‍රපට සඳහා ගායනයෙන් දායක නොවන බවයි.
මෙම පුවතත් සමඟ බොහෝ රසිකයන් කම්පාවට පත් වුවද, අරිජිත් පවසන්නේ තමන් සංගීතය අත්නොහරින බවයි.
ගායනයෙන් සමුගත්තද, ඉදිරියේදී ස්වාධීන සංගීත නිර්මාණ හරහා තම රසිකයන් හමුවීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
