ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 30කට ආසන්න පිරිසක් විවිධ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින බව විශේෂඥ මනෝ වෛද්‍ය මධුෂානි ඩයස් පවසනවා.
පසුගිය ඉරිදා කොළඹදී පැවැති වැඩසටහනක් අමතමින් ඇය කියා සිටියේ, මෙලෙස මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින පිරිස අතරින් සැලකිය යුතු ප්‍රතිශතයක් වයස අවුරුදු 60 හෝ 65 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, එම වයස් කාණ්ඩවල පසුවන්නන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉතා අවම මට්ටමක පවතින බව වෛද්‍යවරිය සඳහන් කළා.
මෙම දැනුවත්භාවය අඩුකම හේතුවෙන් වැඩිහිටියන් විවිධ අභියෝග රැසකට මුහුණ දෙන බව ඇය පෙන්වා දුන්නා.
විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ, වයස්ගත වීමත් සමඟ ඇති වන මානසික රෝග ලක්ෂණ බොහොමයක් සමාජයේ පවතින මිථ්‍යා මත සහ වැරදි වැටහීම් හේතුවෙන් "සාමාන්‍ය තත්ත්වයන්" ලෙස සලකා නොසලකා හරින බවයි.
"අමතක වීම සහ විශාදය (Depression) වැනි තත්ත්වයන් වයසට යාමේදී සිදුවන සාමාන්‍ය දේවල් ලෙස සලකා වැඩිහිටියන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද බොහෝ විට ඒවා නොසලකා හරිනවා," යැයි වෛද්‍ය මධුෂානි ඩයස් සඳහන් කළා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීම ඔවුන්ගේ ජීවන තත්ත්වයට බරපතළ බලපෑමක් එල්ල කරනවා පමණක් නොව, එය කායික සෞඛ්‍ය සංකූලතා ඉහළ යාමට ද සෘජුවම දායක වන බවටද ඇය සඳහන් කළා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
