තාවකාලික බලපත්‍රය අයින් කරලා ලයිසන් කාඩ් එක ගන්න දවස මෙන්න! මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් නිවේදනයක්.

 


වාහන පදවන හැමෝටම තිබුණු ලොකුම ප්‍රශ්නයක් වුණු රියැදුරු බලපත්‍ර කාඩ්පත් හිඟයට දැන් ස්ථිර විසඳුම් ලැබෙමින් පවතිනවා.


 පහුගිය කාලේ කාඩ්පත් නැති වීම නිසා ලක්ෂ 4 1/2 කට විතර ලබා දීලා තිබුණේ තාවකාලික බලපත්‍රයක් විතරයි. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙන්නයි යන්නේ.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන පරිදි, රියැදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 8ක් මේ වන විට ලැබී තිබෙනවා. ඒ වගේම දැනටමත් රියැදුරු බලපත්‍ර ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (240,000) මුද්‍රණය කර අවසන්!

ඔබත් තාවකාලික බලපත්‍රයක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් නම්, පෙබරවාරි 28 වැනිදා වන විට එම තාවකාලික බලපත්‍රය වෙනුවට නිල රියැදුරු බලපත්‍ර කාඩ්පත මුද්‍රණය කර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

මාසයකට අලුතින් රියැදුරු බලපත්‍ර 60,000ත් 80,000ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කරන බවත්, අවශ්‍ය කාඩ්පත් ඇනවුම් කර ඇති නිසා මින් ඉදිරියට නැවතත් "කාඩ්පත් අර්බුදයක්" ඇති නොවන බවටත් කොමසාරිස් ජනරාල්වරයා සහතික වෙනවා. 


✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post