මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.
ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන හා වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන් වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙයි.
එමෙන්ම පාලනය කර ගත හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට වඩාත් අවධාරණය කරයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
