සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.
නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සදහන් කළේ, දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් කල් දැමූ මෙම විභාගය දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329ක විභාග මධ්‍යස්ථාන 3389කදී දහම් පාසල් දරු දැරියන් 6,90563ක් වෙනුවෙන් පහත පරිදි පැවැත්වීමට නියමිත බවයි.
6 ශ්‍රේණිය පෙ.ව. 08.30 සිට පෙ.ව. 10.00 දක්වා
7 ශ්‍රේණිය පෙ.ව. 08.30 සිට පෙ.ව. 10.00 දක්වා
8 ශ්‍රේණිය පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා
9 ශ්‍රේණිය පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා
10 ශ්‍රේණිය පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 දක්වා
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

0 Comments