දශක පහකට වැඩි කාලයක් ජපාන වැසියන්ගේ ආදරය දිනාගත් "පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය" තාවකාලිකව අවසන් කරමින්, ජපානයේ සිටින අවසන් පැන්ඩා පැටවුන් දෙදෙනා මේ සතියේදී නැවත චීනය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා..
ටෝකියෝ සත්වෝද්‍යානයේ සිටින මෙම සුරතල් පැන්ඩා පැටවුන් දෙදෙනා අවසන් වරට දැකබලා ගැනීම සඳහා අද (25) දින දහස් සංඛ්‍යාත ජපාන වැසියන් පිරිසක් රොක්වී සිටියා.
පැන්ඩා සතුන් කෙරෙහි ජපාන වැසියන් තුළ ඇති දැඩි ලැදියාව කෙතරම්ද යත්, සත්වෝද්‍යානයට පැමිණි සෑම පුද්ගලයෙකුටම මෙම සතුන් නැරඹීම සඳහා වෙන්කර තිබුණේ විනාඩියක වැනි කෙටි කාලයක් පමණයි.
මෙම පැටවුන් දෙදෙනාගේ නික්මයාමත් සමඟ, වසර 50කට පසු පළමු වතාවට ජපානය පැන්ඩා සතුන් නොමැති රටක් බවට පත්වනු ඇතියි. 1972 වසරේ සිට ජපානය සහ චීනය අතර පවතින සබඳතාවල සංකේතයක් ලෙස මෙම සතුන් ජපානයට ලබා දී තිබුණා.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න