ලෝකයේම අවධානය දිනාගත් ගින්නට හේතුව හෙළිවෙයි.. නව අවුරුදු සමරද්දී සිදුවූ පිපිරීම ගැන විමර්ශනවලින් හෙළි වු දේ

 


ස්විට්සර්ලන්තයේ ස්විස් ස්කී රිසෝට් නමැති සුප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක බීර හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.


මෙම අනතුර සිදුව ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ක්‍රාන්ස්-මොන්ටානා නමැති සුඛෝපභෝගී සංචාරක නගරයේ පිහිටි Le Constellation බීර හළ තුළයි.


මෙම නගරය එරට අගනුවර වන බර්න් සිට පැය දෙකක (2) පමණ දුරකින් පිහිටා ඇත

පිපිරීම සිදුව ඇත්තේ එරට වේලාවෙන් අලුයම 01:30 ට පමණ බව සඳහන්.

පිපිරීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ නව අවුරුදු උදාව සැමරීමේ උත්සව පවත්වමින් සිට තිබෙනවා.

සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනවලින් පෙනී යන්නේ බාර් එක තුළ ගින්නක් හටගෙන ඇති බවයි.

පීඩාවට පත් වූවන්ගේ පවුල්වල අයට තොරතුරු ලබා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ දුරකථන උපකාරක සේවාවක් ද පිහිටුවා තිබෙනවා.

මෙම ස්ථානය බ්‍රිතාන්‍ය සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වන අතර, එම නගරය තුළ සැතපුම් 87 ක දිගින් යුත් මංපෙත් පිහිටා තිබෙනවා.

ස්විස් පුවත් සේවාවක් වන 'බ්ලික්' පවසන්නේ ප්‍රසංගයක් අතරතුර භාවිත කළ ගිනිකෙළි හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි.

පොලිසිය පවසන්නේ ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි

මෙම අනතුර සිදුවන විට, ජනවාරි මස අවසානයේදී කීර්තිමත් FIS ලෝක කුසලාන (FIS World Cup) ස්කී (හිම මත ලිස්සා යාමේ) තරඟාවලිය පැවැත්වීමට මෙම නිකේතනය සූදානමින් සිට තිබෙනවා


කෙසේ වෙතත්, සුප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්න ඉටිපන්දමක්, ෂැම්පේන් බෝතලයකට ඇවිලීමෙන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම අනතුරින් තවත් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 400කට අධික පිරිසක් එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post