ආගරපතන, ආග්‍රා වතුයාය ප්‍රදේශයෙන් ගලා බසින ආග්‍රා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් අද (03) දින පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 85ක් පමණ වන දරුවන් තිදෙනෙකුගේ මවක් බවට මේ වන විට හඳුනාගෙන ඇත.
අදාළ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටි පිරිසක් විසින් ගඟේ පාවෙමින් තිබූ මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව ආගරපතන පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
ලද තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට පැමිණ සිරුර ගොඩගැනීමට කටයුතු කළ අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



